Latestදේශීය

දේශබන්දුට ඉහළින් සී ඩී නැවතත්

පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ධූරාවලියේ ඉහළින්ම ස්ථාපිත කර ඇති පොලිස්පති ධුරට අමතරව ඊටත් ඉහළින් තවත් ධුරටත් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින බවත් එම ධුරය සඳහා පළමුව හිටපු පොලිස් පති සී.ඩී වික්‍රමරත්න පත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් පැවසේ.

ජනාධිපති විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්ට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයි සඳහන් වේ.

මෙම තනතුරට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්. එසේ වුවද ජනාධිපති කාර්යාලය වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය සී.ඩී වික්‍රමරත්නට පැවරීමට බවද වැඩිදුරටත් පැවසේ.

@දේශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?