Latestදේශීය

නුවරඑළිය බස් සේවක ගැටුම දුරදිග යයි

(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය රාගල මාර්ගයේ ගමන් කරන ලංගම හා පෞද්ගලික සේවකයන් අතර ඇතිවූ බහින් බස්  වීමක් දුරදිග ගොස් පෞද්ගලික බස් සේවකයන්ගේ පහරකෑමට ලක්වූ ලංගම සේවකයන් තිදෙනකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට කලත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් නුවරඑළිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහකාර ඩිපෝ  කළමනාකාර ඩී.එම්.නලින්ද ජයවර්ධන  මහතා පවසයි .

නුවරඑළිය සිට රාගල දක්වා එකම වේලාවේ ගමන්ගත් ලංගම බස් රථයක සහ පෞද්ගලික බස් රථයක රියදුරන් හා රිය සහායකයන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතු කර ගනිමින් සවස 05.30ට පමණ ලංගම බස් රථය රාගල බස් නැවතුම්පොළට ඇතුළු කරනවාත්  සමගින් රියදුරු සහ කොන්දොස්තරවරයා පෞද්ගලික බස් රථ සේවක පිරිසක් විසින් බස් රථයෙන් බිමට ඇද දමා අමානුෂික ලෙස පහරදී ඇති බවත් පහර කෑමට ලක් වූවන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් එක් අයෙකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් නුවරඑළිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහකාර ඩිපෝ  කළමනාකාරවරයා අනාවරණය කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ලංගම සේවක මහතුන්ට පහරදීම පහර දීම සම්බන්ධව විරෝධතාවය ප්‍රකාශ කරමින් අද උදෑසන සිට නුවරඑළිය ඩිපෝවේ සියලුම බස් ධාවනයෙන් ඉවත් කෙරුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව රාගල පොලිසිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අපට සඳහන් කිරීමෙන් අනතුරුව නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකාරතුමා ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබුණු උපදෙස් අනුව නැවත බස් ධාවනය සඳහා කටයුතු කරනවා.

කෙසේ වෙතත් අවදානම් තත්ත්වයක් මත ධාවනය කිරීමට කටයුතු කරන බැවින් නැවත යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත වතාවක් සේවාවෙන් ඉවත් වන බව රියදුරු කොන්දොස්තර වරුන්ගේ සංගමය අප වෙත දැනුම් දී තිබෙනවා.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?