Latestදේශීය

නායායෑම් අනතුරු තවදුරටත්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශයවල  තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන්  ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය  අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි

 ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල,පස්සර, සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද, හාලි ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ හොරණ  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහ‍ා පළමු මට්ටමේ නිවේදනයද  ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, ගඟවට කෝරළය උඩපළාත පාතදුම්බර, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු  මට්ටමේ නිවේදනයද යටිනුවර  තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව  සහ දෙහිඕවිට ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා  සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මාවතගම රිදීගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළය  ලග්ගල පල්ලේගම සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ  මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,වලපනේ සහ හඟුරන්කෙත යන  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා සහ රත්නපුර  දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට,ඕපනායක,වැලිගෙපොළ,කලවාන සහ ඇලපාන යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද බලංගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?