Latestදේශීය

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට කෝටි 11යි ධීවරයෙකුට රුපියල් 5යි – විජිත හේරත්

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ ධීවර අමාත්‍යාංශය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම අනුව එක් ධීවරයෙකු සඳහා දිනකට වෙන් කෙරෙන්නේ රුපියල් 05ක් වැනි අන්තිම සොච්චම් මුදලක් වුවද විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තු කිරීමට රුපියල් කෝටි 11ක් වෙන් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය.

ධීවර හා වාරිමාර්ග අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳව අද පැවති විවාදයේදී මෙම කරුණු හෙළි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැට් බදු අනුපාතය 18% දක්වා ඉහළ දමා ඩීසල් සඳහාද මෙම බද්ද අලුතින් පැනවීම නිසා ධීවර කර්මාන්තය තවදුරටත් බිඳ වැටෙන බව ඔහු පෙන්වා දෙනු ලැබීය. එසේම විසිතුරු මසුන් අපනයනය සඳහා විශේෂයෙන්ම ඉස්සන් අපනයනය බිඳ වැටීමටද වැට් බද්ද හේතුවන බවත් ඉස්සන් වෙනුවෙන් ආනයනය කරන ආහාර කන්ටේනරයකට නව වැට් බද්දෙන් රුපියල් ලක්ෂ 12ක පමණ අමතර පිරිවැයක් එකතුවන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?