Latestවිදේශීය

චීන ජනපති වියට්නාමයට

අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ ඇස යොමුවන අග්නිදිග ආසියාවේ නැඟී එන ආර්ථිකයක් වන වියට්නාමය සමග සබඳතා ශක්තිමත් කරගැනීම චීනයේ ද අරමුණකි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වියට්නාමයේ සංචාරය කර මාස තුනකට පසු චීන ජනාධිපති ෂී ජින්පින් ද වියට්නාමයේ සංචාරයක නිරතවන්නේ ඒ අරමුණින්ය.

චීන ජනාධිපතිවරයා මෙලෙස ඊයේ (12) වියට්නාමයට පැමිණියේ වසර 06කට පසු ප්‍රථම වතාවටය.

ආර්ථිකමය වශයෙන් චීනය සහ වියට්නාමය අතර දැනටමත් ශක්තිමත් සම්බන්ධතාවක් ඇතත්, විශේෂයෙන් දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින සම්බන්ධයෙන් ද දෙරට අතර පවතින්නේ විරසකයකි. 

කෙසේ නමුත් චීන ජනපති ෂි ජින්පින්ගේ සංචාරයට පෙර වියට්නාම කොමියුනිස්ට් පක්ෂ පුවත්පත ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ, ආසියාවේ අනාගතය අන් කිසිවකු අත නොව ආසියානුවන් අත පවතින බවය.

අන් රටවල් අභිබවා යමින් රාජ්‍ය තාන්ත්‍රික බලය පතුරවාලීම උත්සන්න වී ඇති කාල වකවානුවක චීන වියට්නාම සබඳතාව පොදු අනාගතයක් කරා යොමු වූ ප්‍රජාවන් දෙකක සබඳතාවක් ලෙස වියට්නාමය හැඳින්වූයේය.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ වියට්නාම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට එළඹීමට ද නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. 

විශේෂයෙන් චීනය සහ වියට්නාමය අතර දුම්රිය මාර්ග සබඳතා ගොඩනැංවීම සඳහා මෙහිදී ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂිතය.

කෙසේ නමුත් එම යෝජිත දුම්රිය මාර්ග ව්‍යාපෘතිය චීනයේ ණය මුදල් හෝ ප්‍රදානයන් මත ක්‍රියාත්මක වන්නේදැයි මෙතෙක් ප්‍රකාශ වී නැහැ. 

චීනය සමග දුම්රිය ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීමෙන් වියට්නාමයට විශේෂයෙන් සිය කෘෂි නිෂ්පාදන චීනයට වැඩි වශයෙන් අපනයනය කළ හැකි වනවා. 

වියට්නාමය සිය ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘතිය, නැත්නම් ඩිජිටල් සේද මාර්ගයට එක් කර ගැනීමට ද චීනය අපේක්ෂා කරයි. 

එය මුහුද යටින් ෆයිබර් ඔප්ටික් කේබල් ඇතිරීම, 5G පද්ධති සහ විදුලි සංදේශ යටිතල පහසුකම්වලින් සමන්විත ව්‍යාපෘතියකි. 

විශේෂයෙන් අධිතාක්ෂණික උපකරණ සඳහා යොදාගැනෙන විරල ඛනිජ (රෙයා අර්ත්ස්) RAVE EARTHS සම්බන්ධයෙන් වියට්නාමය සමග සහයෝගීතාවක් ඇති කරගැනීමටත් චීනය අපේක්ෂා කරයි. 

එම ඛනිජ නිස්සාරණය අතින් ලොව ප්‍රමුඛයා වන්නේ චීනයයි.

එමෙන්ම ලොව දෙවැනි විශාලතම විරල ඛනිජ සංචිත පවතින්නේ වියට්නාමයේ බවට හඳුනාගෙන තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?