Latestදේශීය

විමල්ට ඇපකරුවන්ට නොතීසි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ 2010 – 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ ඊයේ (12) කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවන්සට එරෙහිව පවරා ඇති නඩුවට සහභාගී නොවීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවන්සට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

විමල් වීරවන්සට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති අදාළ නඩුවේ විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය ඊයේ (12) දින නිකුත් කිරීමට නියමිතව තිබිණි.

එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා රෝගි තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි උදෑසන 9.00ට තමාට දැනුම් දුන් බව සඳහන් කර ඇත.

එම කරුණු තහවුරු කිරීම සඳහා විමල් වීරවන්සගේ ඇපකරුවන් හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කරමින් විනිසුරුවරයා, එකී නොතීසි නිකුත් කර ඔහුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් (13) දිනයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර තිබේ.

මීට පෙර එනම් පසුගිය ඔක්තෝබර් 27 වනදාද චූදිත විමල් වීරවන්ස අසනීප තත්වයක් බව සඳහන් කරමින් අධිකරණය මග හැර තිබිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?