Latestදේශීය

මහින්දට නොතීසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නිකුත් කළ ඉදීකිරීම් කටයුතු වලට අදාල නියෝග මාලාවක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනවාරී මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු නාගරික හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ, වත්මන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ නාගරික සංවර්ධන හා නිවාස හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඉංජිනේරුවරු වරයෙකු වූ කපිල රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්  කරනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වසරේ ජුලි මස 8 වන දා නාගරික සංවර්ධනය හා ඉදිකිරීම් කටයුතු වලට අදාළව නියෝග මාලාවක් නිකුත් කළ බවයි.

එම නියෝග වලින් මහජනතාවට දැඩි අගතියක් සිදු වන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි නියෝග නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බවත් පෙන්වා දී තිබෙනවා.

එබැවින්  අදාළ රෙගුලාසි නීතිය ඉදිරියේ බල ශූන්‍ය බව පෙන්වා දෙන පෙත්සම්කරු එවා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?