Latestදේශීය

1990 ට නවීන තාක්ෂණය

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care)  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය. 

අද දින ආරම්භ කරන ලද නව සේවාවෙන් රෝහලක් සදහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගී පුද්ගලයයෙකුට තමන් රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුලදී එම රෝගියාගේ තත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිතා කර රෝග නිශ්චය කිරීමට ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධවීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සදහා යොමු කිරීම මෙම සේවාවෙන් සිදු කරන ප්‍රමුඛ කාර්ය වේ.

පරිපුර්ණ කඩිනම් විශ්වාසනීය සහ ගුණාත්මක පුර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් ලබා දීම මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක්, අත්‍යවශය ගිලන් රථ සේවාවක් වශයෙන් රජය විසින් හදුනාගෙන ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේ දී මෙම 1990 සුව සැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කරන ලදී. සතියේ දින හතම පැය 24 පුරාම සේවය සපයන මෙම ගිලන් රථ සේවාවේ 1400 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර ප්‍රවාහන පහසුකම් සදහා ගිලන් රථ 322 භාවිතා කරනු ලබයි.

සුව සැරිය ගිලන් රථ සේවාවට දෛනකිව දුරකථන ඇමතුම් 5300 කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 2500 km අධික ප්‍රමාණයක් මෙම ගිලන් රථ සේවාව මගින් ආවරණය කරනු ලබයි.

මෙම ගිලන් රථ සේවාව කොළඹ, යාපනය දිස්ත්‍රික්ක වල පලමු අදියර යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම පහසුකම ලබා දීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?