Latestදේශීය

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව සඳහන් කර ඇත්තේ  සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය, කල්මුණේතුඩුව හා මීගමුව මුහුදු ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් ගමන්ගත් ඩිංගි යාත්‍රා 6 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරේ අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිටින බවත් ඔවුන් මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?