Latestදේශීය

පැය 24ක් තුළ 6 දෙනෙක් ජීවිතක්ෂයට

ගෙවී ගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (16) එම අනතුරු සිදු ව ඇති බව පොලීසිය පවසයි.

තලංගම, පැලවත්ත විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දොරටුව අසල දී විභාග දෙපාර්තමේන්තුව ඇතුළත සිට පිටතට පැමිණි ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි ව ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජාකාරියේ යෙදී සිටි නිලධාරියෙකුගේ ගැටී අනතුරක් සිදු ව ඇත.

අනතුරින් තුවාල ලැබූ 36 හැවිරිදි ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

මේ අතර, එරාවුර් – මඩකලපුව මාර්ගයේ සවුකඩේ හන්දිය අසල දී පෞද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුර සිදු ව තිබිණි.

එම අනතුරින් තුවාල ලැබූ 17 හැවිරිදි පදිකයා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියක් බස් රථයේ බඳ කොටසේ ගැටී සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිත්කෂයට පත් ව තිබේ.

මේ අතර, කල්පිටිය – පාලවිය මාර්ගයේ ඒත්තාලය ප්‍රදේශයේ දී යතුරපැදියක් ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මේ අතර, හෝමාගම පොලිස් වසමේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ දී ලොරි රථයක්, පාර හරහා ගමන් කළ පදිකයන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදු ව තිබිණි.

අනතුරින් තුවාල ලැබූ පදිකයන් දෙදෙනා හෝමාගම රෝහලයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් අයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ, බකමූණ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, කොල්ලුපිටිය – කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු ව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා තලංගම රෝහල ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 79 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?