Latestවිදේශීය

පාප් වහන්සේ රැඩිකල් තීරණයක – සමරිසි ප්‍රජාව ආසිරි ගන්වන්න අවසර

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම සඳහා කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත.

දෙවියන් වහන්සේ සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කෙරෙන බවයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමරිසි යුවළවලට ආශිර්වාද කිරීමට, පූජකයින්ට අවසර ලබාදෙමින් පවසා තිබෙන්නේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙය ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් බවයි.
කෙසේ වුවද සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවන බවද සඳහන් වේ.

නමුත් එම යුවළ සඳහා ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවස්ථාව හිමි වන්නේ ඔවුන් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි.

විවාහය යනු සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට ද කතෝලික පල්ලිය තීන්දු කර ඇත.
දෙවියන් වහන්සේ තුළ සියලුම දෙනා එක හා සමානව සැලකීමට පාප් වහන්සේ ගත් මෙම තීරණය උන්වහන්සේගේ උපන් රට වන ආජන්ටිනාව අර්ථ දක්වන්නේ අසමානතාවට එරෙහිව ගත් නිර්භීත තීරණයක් ලෙසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?