Latestදේශීය

තෙල් ගහන්න මිනිස්සු එන්නේ නැහැ

මෙවර උත්සව සමයේ වෙනදා මෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල්වෙත ජනතාව නොපැමිණි බවත් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්වයක් පවතින බවත් ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.

වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන හල් අලුයම 1.00 හෝ 2.00 දක්වා විවෘත තබා ගෙන සිටින නමුත් මෙවර ජනතාව එතරම් නොපැමිණි බවත් විශේෂයෙන් ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත් විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පවතින ආර්ථික තත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම සිදු කිරීමට අපොහොසත් වීම නිසාද ඉන්ධන හල් හිමියන් එසේ රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දැමීම සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?