Latestදේශීය

රට තුළ තෙල් නැහැ – නැව් 4ක තෙල් ගොඩබාන්නේ නැහැ

ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවා ගැනීමට මෙතෙක් නොහැකි වීමෙන් මේ වනවිට දින කිහිපයක සිට මෙරටට ආනයනය කර ඇති ඉන්ධන නෞකා හතරක් කොළඹ පිටත වරායේ නැංගුරම්ලා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩීසල්, පෙට්‍රල් බහාලු නෞකා දෙකක් සහ බොරතෙල් නෞකා දෙකක් මෙලෙස නැංගුරම්ලා ඇති බවත් මෙම නෞකාවන් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නෞකාවන් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වන බවත් එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙලෙස නැංගුරම්ලා ඇති නෞකා දෙකෙහි ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000කට අධික තොගයක් ඇති බවත් බලශක්ති අමාත්‍යංශය මෙම නෞකාවන් දෙක හෝ කඩිනමින් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙතෙක් ඒ සඳහා මුදල් වෙන් නොකිරීමෙන් ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකද දින හතරකට අධික කාලයක සිට කොළඹ පිටත වරායේ මෙලෙස නැංගුරම්ලා ඇති බවද තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

මෙම ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙක ඉකුත් 10 වන දාට පෙර හෝ ලබා ගත්තේ නම්, මේ වනවිට ඇති උග්‍ර ඉන්ධන හිඟයට යම්තාක් හෝ සහනයක් ලැබෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරට ත් පවසයි.

මව්බිම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?