Latestදේශීය

අපේක්ෂකගේ නම ඉදිරිපත් කරන්‌නේ ජනාධිපතිවරණ දිනය ඉදිරිපත් කළ පසුවයි – නාමල් රාජපක්ෂ

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළ පසු පක්‍ෂ අභ්‍යන්තරය සාකච්ඡා කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා තීරණය කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨයෙක් ද, තරුණයෙක් ද, දැනට ජනාධිපති ධූරය දරන්නේද නැද්ද යන කරුණු අපේක්‍ෂකත්වය ලැබීමට ගැටලුවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (4) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ සහ ජනතාවගේ අවශ්‍යතාව, පාක්‍ෂිකයා ආරක්‍ෂා කළ හැකි වැඩපිළිවෙළක් සමඟ ගොඩනගන බලවේගයට නායකත්වය දියහැකි රටේ වර්තමාන තත්වයට මුහුණ දීමේ ශක්තිය ඇති අපේක්‍ෂයෙක් නම් කරන බව ද ඒ මහතා කීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණයක් දිනන්න පු`ළුවන් වෙලාවක මැතිවරණ පැවැත්විය යුතු යැයි දෙයක් නොමැති අතර අහවල් පක්‍ෂය ජයගනී යැයි සිතා ඡන්ද කල්දානවා නම් එසේ දේශපාලනය කළ නොහැකි බවත් ජනතාව අයිතිය දෙන්න කැමති නායකයන් ආණ්ඩු බලයට ගේන්නත්, ඔවුන් අකමැති අය පරාජය කරන්නත් අයිතිය තිබිය යුතු බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.  

මෙම වසරේ සියලුම ප්‍රධාන මැතිවරණ පවත්වයි යැයි විශ්වාස කළ හැකි වසරක් වීම නිසා මෙම වසර දේශපාලන පක්‍ෂවලට ඉතාමත් තීරණාත්මක වසරක් බවත් කෙසේ වෙතත් ඇයවැයෙන් එක මැතිවරණයකට පමණක් මුදල් වෙන්කර ඇති බවත් රාජපක්‍ෂ මහතා කීය.

අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බව කී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට මුදල් නැතැයි කිව්ව අයට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට මුදල් තිබේදැයි ප්‍රශ්නයක් ඇති බව ද සඳහන් කළේය.

ජනතාවගේ අවශ්‍යතා සහ රට සංවර්ධන කළ දේශපාලන පක්‍ෂ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ගොඩනැගුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයි රටේ ජනතාව දන්නවා බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (4) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?