Latestදේශීය

දරුවන් ලක්ෂ 05කට වාර ප්‍රවේශපත් ලබා දෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

පාසල් ශිෂ්‍යයන්, කාර්මික විද්‍යාල වල ශිෂ්‍යයන් සහ  විශ්ව විදයාල ශිෂ්‍යයන් ඇතුළු  දරුවන් ලක්ෂ හතරහමාරකට 05කට පමණ වාර ප්‍රවේශපත් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සීසන් ටිකට් වලට අදාල ක්‍රමවේද, නීතිරීති සහ සම්ප්‍රදායන් පවතින බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා සීසන් ටිකට්පත යනු මෙරට ජනතාව නොදන්නා ඇතැම්විට දරුවන් සහ දෙමාපියන්ද නොදන්නා ලංකා ආණ්ඩුවට ඇති විශාල වියදමක් බවද පෙන්වා දුන්නේය.

මිල ගණනය කිරීම් අනූව 2024 වර්ෂයට සීසන් ටිකට්පත් සහනාධාරය ලබාදීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ලෙස තමා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 20ක මුදලක් ඉල්ලූ බව පැවසූ අමාත්‍යවරයා මුළු ලංකාවේම වර්ග සැතපුම් 25,332 ඇතුලත පාරවල් ප්‍රතිසංවිධානය කරනුයේ කිලෝමීටර් 1500ක් බවද, ඒ සඳහා වැය වනුයේද බිලියන 20ක් බව පැවසුවේය.

එක මාසයකට සීසන් ටිකට්පත් ලබාදීම සඳහා භාණ්ඩාගාරය ලංගමයට මිලියන 1660ක් ලබාදිය යුතු බවද, එම විශාල මුදල වියදම් කරන ආකාරය පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා විගණනය කරන බවද පැවසූ අමාත්‍යවරයා පාසල නොපැවැත්වෙන කාලයකට සීසන් ටිකට්පත නිකුත් කළහොත් නිලධාරීන් වැරදිකරුවන් වන බවද පෙන්වා දුන්නේය.

ජනවාරි මාසයේ පාසල් නොපැවැත්වෙන බැවින් පාසල් සිසුන්ට සීසන් ටිකට් නොදුන්නද උසස්පෙළ සිසුන්ට කාර්මික විද්‍යාල වල සිසුන්ට  සහ විශ්ව විද්‍යාල වල සිසුන්ට සීසන් ලබාදෙන බව සඳහන් කළේය. සාමාන්‍ය පෙළ සිසුන්ටද විදුහල්පති සහතිකය මත සීසන් ටිකට් ලබාදෙන ලෙස පවසා ඇතැයිද, පාසල නොපැවැත්වෙන කාලයේදී පාසල් දරුවන්ට සීසන් ලබාදුනහොත් විගණකාධිපතිගේ විගණනයට නිලධාරීන් බිය වන බවද පැවසුවේය.

පෙබරවාරි මාසයේ සිට සියලුම සිසුන්ට සීසන් ටිකට්පත් ලබාදෙන අතර සීසන් ටිකට්පත තාර්කීකරණය විය යුතු යැයිද පාසල් සිසුන්ගෙන් 7%ක් ලබාගෙන රජයෙන් 93%ක් දරමින් ඉතා විශාල සහනාධාරයක් ලෙස මෙය ලබාදෙන බවද අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?