Latestදේශීය

හෙට ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට

බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ අතර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතීඥ නයිජල් හැජ් කරුණු දක්වමින් පවසා සිටියේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයේ අඩංගු වී නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නා බවටත් යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළක් කළහොත් එදින සිට දින 14ක කාලයක් තුළ නැවත එය අභියෝගයට ලක් කිරීමට මහජනතාවට හැකියාව ඇති බවත් තීන්දුවක් ලබා දියයුතු බවය.

ඒ අනුව 2023 ඔක්තෝබර් 19 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගෙන ඇති බවටත් එය යළි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළහොත් එදින සිට දින 14ක් තුළ මහජනතාවට අභියෝගයට ලක් කළ හැකි බවටත් තින්දු කරන ලදී.

@lanka truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?