Latestදේශීය

හිග බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

2023 වසරේ දෙසැම්බර් 15 වැනි දා තෙක් ප්‍රතිපාදන සීමාව තුළ ඉදිරිපත් කරන ලද සියලුම බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා මතු කරන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
එහිදි අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,2022 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය භාර ගන්නා විට රුපියල් බිලියන 360 ක මුදලක් බිල්පත් ලෙස නිරවුල් කිරීමට පැවැතුණ බවයි

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා,
2022 වර්ෂයේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය භාර ගන්නා විට රුපියල් බිලියන 360ක පමණ බිල්පත් නිරවුල් කිරීමට පැවතුණා. එම බිල්පත්ද ඇතුළුව 2023.12.15 දක්වා ප්‍රතිපාදන සීමාව තුළ ඉදිරිපත් කෙරුණු සියළු බිල්පත් සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරලා තියෙනවා. එයට අමතරව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන පාරිතෝෂිතයට අදළව 2023 වර්ෂය ආරම්භ වන විට පැවති මාස 15ක හිඟ මුදල්ද, 2023 වර්ෂයේ දෙසැම්බර් 15 දක්වා එකතු වූ සියලුම පාරිතෝෂිතද, නිරවුල් කිරීමට කටයුතු කළා. ඒ සඳහා රුපියල් බිලියන 48ක පමණ මුදලක් නිදහස් කර තියෙනවා. තවද, සමෘද්ධිය, අබාධිත සහ වැඩිහිටි පුද්ගයින් සඳහා ලබා දෙන සහනාධාර, වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන ආධාර මුදල් වෙනුවෙන් 2023 වර්ෂයේදී රුපියල් බිලියන 184 ක වියදමක් දරලා තියෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?