Latestදේශීය

ජනතා මුදල් අවභාවිතා කරමින් පොහොට්ටු මැති ඇමති සාදයක

මේ වනවිට රට දරුණු අගාධයකට ඇද වැටී ඇති තත්වයක් තුළ ජනතාව බරපතළ පීඩාවකට පත්ව ඇති මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු 50ක පමණක පිරිසකගේ සහභාගිත්වයෙන් (09) මුහුද මැද සාදයක් පවත්වා තිබේ.

වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර විසින් සංවිධානය කර ඇති මෙම සාදය සඳහා වරාය අධිකාරියේ දේපළ සහ මුදල් භාවිතා කර ඇතැයිද වාර්තා වේ.

වරාය අධිකාරියට අයත් දිය කොවුලා සහ හංසකාවා යන යාත්‍රා දෙක උපයෝගී කර ගෙන පැය ගණනාවක් තිස්සේ කොළඹ වරාය මුහුදු සීමාව හා ඉන් පිටත ගමන් කරමින් මත්පැන් සාද පවත්වමි එම පිරිස විනෝද වී තිබේ.

මීට අදාළ වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වන ජනතාව සඳහන් කරන්නේ, රටේ මිනිස්සුන්ට කන්න නෑ. දරුවො ඉස්කෝලෙ යවා ගන්න බෑ. බෙහෙත් ටිකක් ගන්න සල්ලි නෑ. එහෙව් රටේ ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙලෙස රජයේ මුදල් විනාශ කරන බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?