Latestදේශීය

බයිලා වලින් රට හදන්න බැහැ – සජිත් ප්‍රේමදාස

තමාට අගමැතිකම ලබා ගැනීමට ඉල්ලීම් පැමිනි අවස්ථාවේ එය බාර ගත්තේ නම් තමාටද සිදුවන්නේ හොරු සමඟ එකට වාසය කිරිම බවත් නැවත ඡන්දයකදී පවා හොරුත් එක්කම ඡන්දය ඉල්ලන්නත් නීතිය හමුවේ හොරු රැකිමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොරු අල්ලන්න ආණ්ඩු බලය අවශ්‍ය නොවන බවත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් රට බංකොලොත් කළ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබුණේ ආණ්ඩු බලය නොමැතිව බවත් තමා ජනාධිපති ධුරය බාර ගත්තා නම් එම පොහොට්ටුවේ හොරු කවුද කියා අනාවරණය කර ගැනීමට නොහැකි බවත් යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබා දුන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගේ අහක බලාගෙන සිටිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට දවස් දෙකකට පෙර වරාය අධිකාරියේ යාත්‍රා 2ක් භාවිත කර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමතිවරු මුහුද මැද සාදයක් දැමූ බවත් බංකොලොත් වී ඇති රටේ එවැනි දෙයක් සිදුවූ බවත් තමා අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා වූයේ නම් තමාටද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙන් එවැනි අනීතික ක්‍රියා නොදැක්කා සේ සිටීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 65 වැනි අදියර යටතේ මතුගම විදියබණ්ඩාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ඉන්නේ මගේ දරුවන්

මේ රටේ පාසල් දරුවන් හඳුන්වන්නේ ‘මගේ දරුවන්’ ලෙස බවත් තමාට අවශ්‍ය වී ඇත්තේ මේ රටේ දරුවන් හොඳ තැනක සිටීම බවත් කුඩා කළ තමාට පියාගෙන් ලැබුණු ඒ ආභාෂය මේ රටේ පාසල් දරුවන්ට ද ලබා දීම තමාගේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජවාදය වචනෙට විතරයි. ඒ නිසා රැවටෙන්න එපා

සමාජවාදය යැයි කියමින් වීදි සටන් කරන විප්ලවකාරයන්ගේ ළමයි පවා විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් තත්ත්වයෙන් උසස් ඇඳුම් ඇන්දත් රටේ ජනතාවට එම පහසුකම් ලබා නොදීමට කටයුතු කරන බවත් ඔවුන් සමාජවාදය සමානාත්මතාව යුක්තිය සාධාරණත්වය ගැන කතා කළත් ඒවා වචනවලට සීමා වී ඇති බවත් 2019 පවා බයිලාවලට රැවටුණු නිසා මේ තත්ත්වය උදා වූ බවත් මෙවරත් එම බයිලාවටම රැවටුනොත් රට මීටත් වඩා අගාධයකට යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපි කිව්ව දේවල් වැරදිලා නැහැ

මේ රටේ බහුතරයක් කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අදාළ අවශ්‍යතා සපුරනවා යැයි පැවසූ අවස්ථාවේ සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන දැඩි ලෙස විවේචන සිදු කළත් අද වන විට එම අවශ්‍යතා සපුරා ගන්න බැරිව කාන්තාවන් දුක් විඳින බවත් නිළියෝ පවා තමාව විවේචනය කළ නමුත් ස්කොට්ලන්තය මුළු රටේ කාන්තාවන්ට එම අවශ්‍යතාව සපුරනවා සේම නවසීලන්තයේ පාසල් දරුවන්ට එම පහසුකම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාව විවේචනය කරමින් මැතිවරණය ජයගත් රාජපක්ෂවරු වසර එකහමාරක් යන විට එවැනි සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බව පැවසුවත් තවමත් එය ලබා දීමට නොහැකි වී ඇති බවත් කොරෝනා සමයේ පවා සමගි ජන බලවේගය කියූ හැමදේම හරි ගිය නමුත් ඒවා පිළිනොගෙන සමාජ මාධ්‍ය හරහා උසුළු විසුළු කළ බවත් ඒ නිසා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මටත් පුළුවන් කයිවාරු ගහන්න. හැබැයි මම කැමතියි වැඩ කරන්න

විපක්ෂයේ සිට රාජ්‍ය බලයක් නොමැතිව වැඩක් කරන කණ්ඩායමටද එසේ නොමැතිව දේශපාලන රැළි තියමින් කයිවාරු ගහන අයටද රට ගොඩ ගත හැක්කේ කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් ලක්ෂ 10ක් වියදම් කර බස් රථ ගෙනවිත් ජනතාව නගරවලට ඒකරාශි කර කයිවාරු ගැසීමට ද තමාට හැකියාව ඇති මුත් එම ලක්ෂ 10ක මුදල පාසල්වලට ලබා දීමට තමා තීරණය කළේ රටේ අධ්‍යාපනය නගා සිටුවීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?