Latestදේශීය

පාපකර්ම පුතෙක්

ඉල ඇට විසි දෙකක් කැඩෙනතුරු පහරදී  67 හැවිරිදි සිය මව ඝාතනය කළ  41 හැවිරිදි පුතෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ නාවලපිටිය බෝහිල් උඩ කොටසේ පදිංචිව සිටි එස්. සෙල්ලම්මා නමැති දෙදරු මවක් වන අතර සති දෙකක් තුළ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ පුතෙකු විසින් පහර දී මව ඝාතනය කළ දෙවන අවස්ථාව ද මෙය වේ.

සිය බාල පුතුගේ පහරදීමෙන් මවගේ හිස අභ්‍යන්තරයේ බහුවිධ තුවාල සිදු වී හකු ඇටය සහ ඉල ඇට විසි දෙකක් බිඳී ඇති බව නාවලපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිකර තිබිණි.

සැකකරු මීට පෙර ඔහුගේ පියාටද හිසට පහරදී තුවාල සිදුකිරීම නිසා පියා මේ වනවිට ඔහුගේ වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචියට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම පසුගිය 17 වැනිදා සැකකාර පුත්‍රයා ඔහුගේ බිරිඳට ද පහරදී ඇති අතර, ඇයද දරුවා රැගෙන ඇගේ මහ ගෙදරට ගොස් තිබේ.

ඉන්පසු සැකකරු ඔහුගේ මව සමග වසරක පමණ කාලයක් නිවසේ සිට ඇති අතර පසුව මව සමග ආරවුල් ඇති කරගෙන තමා වයස අවුරුදු දාසයේ සිට කුලී වැඩට යැවූ බවත් තමා ගැන සොයා නොබැලූ බවත් පවසමින් 
ඇයට පහර දී තිබේ.

ඒ අනුව පසුගිය 20 වැනිදා උදෑසන අටට පමණ මෙලෙස සිය මවට පහර දී නිවස තුළට දමා දොර වසා මොහු නාවලපිටිය නගරයට ගොස් තිබේ.

නැවත සවස හතරට පමණ නිවසට පැමිණ දොර හැර බලන විට මව මියගොස් සිටි බව දැක ඒ බව අසල්වැසියන්ට දන්වා තිබේ.

අසනීපව සිටි මව මිය ගොස් ඇති බව පොලීසියට දන්වා මරණය පිළිබඳ සැකයක් නොමැති බවද සැකකරු පවසා තිබේ.

ඉන්පසු නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර  පහරදීම නිසා සිදුවූ බහු විද තුවාලවලින් ඇය මියගොස් ඇති බව හෙළි කර තිබිණි.

මෙම සැකකරු මවට පහර දීම පිළිගෙන ඇති බව පොලීසිය පවසන අතර ඔහු සඳහන් කර ඇත්තේ, ඔහුට හදි හූනියම් කර ඇති නිසා වසරක පමණ කාලයක සිට තමාට කේන්ති යන බවය.

@ අරුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?