Latestදේශීය

බෙහෙත් ගන්න සල්ලි නැති නිසා බිරිඳටත් වසදී සැමියාත් වස පානය කරයි

බිරිඳගේ අසනීප තත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත් ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්වයක් තමන්ට නොමැති වීමත් නිසා සූරියවැව වෙනිවැල් ආර ප්‍රදේශයෙ යුවළක් වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.

පසුගිය 04 වෙනිදා ඔවුන් මෙලෙස සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සූරියවැව පොලිය පවසයි.

මෙලෙස වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළක් බවත් එම බිරිඳ දීර්ඝ කාලයක් සිට ඇයගේ කශේරුකාවේ තිබූ ආබාධිත තත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති බවත් වාර්තාවේ.

මේ අතර ඇයගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව ඇති බවත් සිය බිරිඳගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට රැගෙන යාම හා ප්‍රතිකාර දීම ඇතුළු කටයුතු කිරීමට නොව, ජීවත් වීමට වත් ප්‍රමාණවත් ආර්ථික තත්වයක් නොමැති වීම නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින තම බිරිඳට වස පොවා සැමියාද වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

වස පානය කළ අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

ප්‍රදේශවාසින්ද පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්වයකින් පසු වූ බවත් ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට ආර්ථික තත්වයක් මොවුන් දෙදෙනා හට නොමැති වීමත් නිසා අඹු සැමි යුවළ කලක සිට දැඩි කලකිරීමකින් පසුවූ බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව සූරියවැව පොලිසිය පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?