ක්‍රීඩාදේශීය

ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය අද ඇරඹේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලිය අද (09) ආරම්භ වනවා. තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30 ට දිවා/රාත්‍රී තරඟයක් ලෙස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.


ශ්‍රී ලංකා පිලේ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මේ එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම අවසන් වරට පැවති සිම්බාබ්වේ එක්දින තරගාවලියේ සිටි නුවනිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයන් දෙදෙනා ද මෙවර තරඟාවලියට නම් කර නොමැත.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 12ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ  7ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර ඇෆ්ගනිස්තානය තරඟ 4ක් ජයගෙන තිබෙනවා. එක්  තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය : කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ෂෙවෝන් ඩැනියෙල්.

ඇෆ්ගනිස්තාන එක්දින සංචිතය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්රාම් අලිකිහිල්, ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඔමරාසී, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, ක්වයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ් උ- රහ්මාන්, ෆසල්ලාහක් ෆාරුකී, නවීඩ් සද්‍රාන්, ෆරීඩ් අහමඩ්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?