Latestදේශීය

රනිල්ගේ මනස විකෘති වෙලා – ලක්ෂ්මන් කිරිඇල්ල

‘රටේ අර්බුදය විසදන්න අවශ්‍ය දේශපාලන විසඳුමක්ලදේශපාලන විසඳුම ලබාගන්න පුළුවන් මැතිවරණයකින්, ව්‍යවස්ථාව වෙනස් කර හෝ ඉක්මන් මැතිවරණයකට පාර කපන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඒ මහතා මෙම අදහස් පල කලේය.

වසර තුනක් අපි රාජාසන කතාවලට සවන් දුන්නා.නමුත් අපි නැගිටලා ගියා මොකද ආණ්ඩුව කියන විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගෞරවාන්විත සැලකීමක් තියෙන්න ඕනේ .විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් නැති කෙරුවා.කවදාකවත් එහෙම වෙලා නෑ.ආණ්ඩු පක්ෂයේ අයට විතරයි දුන්නේ.ඒ විතරක්ද එදා අපි පැවැත්වපු සාමකාමී විරෝධතාවයට පහර දුන්නා.අපිට එහෙම පහර දීලා මෙතන අපෙන් සහයෝගය ඉල්ලන්න ලැජ්ජ නැද්ද? අපි සහයෝගය දුන්නොත් අපිට ගම්වලට යන්න බැරිවෙනවා.හැමදාම අපෙන් සහයෝගය ඉල්ලනවා පහර දීලා අපෙන් සහයෝගය ඉල්ලන්නේ?

එදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබ්බ කඳුළු ගෑස් වෙඩිල්ල එතුමාගේ ජීවිතය හානි කරන්නයි තිබ්බේ.මේ වගේ වැඩ කරනකොට අපිට කිසිසේත්ම සහයෝගයක් දෙන්න බෑ.රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිත් එක්ක ඉන්නකොට මේ වගේ වැඩ කෙරුවේ නෑ.එදා එතුමා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති.එතුමා දැන් පණ්ඩිතයන් සමග ආශ්‍රය නවත්තලා බාලයන් සමග තමයි ආශ්‍රය කරන්නේ ඒකයි මේ බාල වැඩ කරන්නේ.

අපිත් එක්ක ඉන්නකොට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති,වෙලාවට මැතිවරණ තියන්න උත්සාහ කෙරුවා.නමුත් දැන් මොකද කරන්නේ පළාත් පාලන මැතිවරණයත් කල් දැම්මා.උසාවිය කියපු දේවල් ඇහුවෙ නෑ.ඒ විතරක් නෙමෙයි,උසාවි තීන්දුව දුන්න විනිශ්චකාරවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරා.අධිකරණය මෙල්ල කරන්නේ හැදුවේ.ජනාධිපතිවරයාගේ ක්‍රියාකාලාපය මට අදහගන්න බෑ.පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියලා ආවේ නමුත් හැමදාම පාර්ලිමේන්තුව දුර්වල කරනවා.

අද බදු වර්ග හතළිහකින් විශාල බදු බරක් තියෙනවා.රස්සාවක් නැති දරුවන්ටත් ටින් අංකය ගන්න කියනවා.හැම පුරවැසියෙක්ගෙන්ම ඇඟ බද්දක් ගන්නයි හදන්නේ.බ්‍රිතාන්‍යයෙන් උඩරට අල්ලගත්තට පස්සේ උඩරැටියන්ට කිව්වා ඒ අයගේ ව්‍යාපෘති වල ඇවිල්ලා වැඩ කරන්න කියලා.නමුත් බෑ කිව්වා.පස්සේ බදු වර්ග ගණනාවක් හඳුන්වා දීලා ඇඟ බද්ධ,බලු බද්ධ,පාර බද්ද,තුවක්කු බද්ද,ඔරු බද්ධ,වැනි බදු පටවලා ජනතාව විශාල පීඩනයකට පත් කෙරුවා.48 කැරැල්ල ආවේ ඒක නිසා.අදත් අපි ඉන්නේ කැරැල්ලක අබියස.

එදා අරගලයට පහරදීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පැත්තෙ ඉඳන් හෙලා දැක්කා.රුවන් විජේවර්ධන මහත්මයා පත් කෙරුවා අරගලකරුවන් බලාගන්න කියලා.නමුත් අද සාමකාමී විරෝධතාවලටත් පහර දෙනවා.මෙහෙම කරලා අපෙන් සහයෝගය ඉල්ලන්න ලැජ්ජ නැද්ද.අපි නිවටයෝ වෙන්න සූදානම් නෑ ජනතාව සමග ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

පළාත් පාලන ආයතන විනාශ කෙරුවා.ඔක්කොම හරිනම් දැන් පළාත් පාලන මැතිවරණය තියන්න.පළාත් පාලන ආයතන අද දූෂණවලින් පිරිලා.මැතිවරණය ක්‍රමය හදපු අගමැතිවරයාත් මැතිවරණ කල් දාලා අහක බලාගෙන ඉන්නවා .ජනාධිපතිවරණය එන්නේ ඔක්තෝබර් මාසේ ඊට පෙර පළාත් පාලන මැතිවරණය තියන්න.ආණ්ඩුවට ගමට යන්න බෑ ඒකයි ඡන්දේ තියන් නැත්තේ.

ආර්ථිකය ගැන මෙතන උජාරුවට කතා කෙරුවා නමුත් එතුමා ජනාධිපති උනාට පස්සේ ණය එක සතයක්වත් ගෙවල නෑ.අදට බැලුවොත් බිලියන 20ක් නය ගෙවන්න ඕනේ.එතුමා කිව්වා පෝලිං අඩුවෙලා කියලා.ඒක ඇත්ත .මොකද පරිභෝජනය 40% අඩුවෙලා.ඉන්ධන,අත්‍යවශ්‍ය භාණ්ඩ,එළවළු,මේ සියල්ල පරිභෝජනය අඩුවෙලා.පරිභෝජනය අඩු උනාම පෝලිං අඩුවෙනවා තමයි.මිනිස්සුන්ට සල්ලි නෑ එක වේලයි දෙවේලයිකන්නේ.

ජනාධිපතිතුමාගේ කතාව ජනාධිපතිවරණය ගැන වචනයක්වත් තියෙනවද?ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් තියෙනවද?සිවිල් සමාජයේ බළල් අත් අල්ලගෙන ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න සැලසුම් කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් අවස්ථාවක් හදන්න ඕනේ ඒකට අවසර කාලයක් ඕනේ,ජනාධිපතිවරණය කල් දාන්න ඕනේ,කියන උත්සාහයක් තියෙනවා.පසුගිය සතියේ මැතිවරණ කොමසාරිස්වරයා සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා .පළාත් පාලන මැතිවරණය තියන්න ගියාම සල්ලි නෑ කිව්වා කොමිසම මුකුත් කරේ නෑ,ජනාධිපතිවරණය තියන්නත් සල්ලි නෑ කිව්වම කොමිසම මොකද්ද කරන්නේ කියලා ඇහුවා?මැතිවරණ කොමසාරිස්ට උත්තර නෑ.ගොත ගැහුවා.නමුත් මොන ප්‍රශ්න ආවත් ඒකාබද්ධ විපක්ෂ අපි එකට මැතිවරණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරනවා කියන එක කියන්න ඕන.

රාජාසන කතාවේ ජනතාවගේ බඩගින්න ගැන සඳහන් කරල තියෙනවද?වචනයක්වත් නෑ.ඇයි ඒ? මොකද ජනතාවගේ බඩගින්නට වඩා මේ ජාත්‍යන්තර සංවිධාන මෙයාලට ලොකුයි.

රට ගොඩකරගන්න පුළුවන් ආධාරයක් මේ ආණ්ඩුවට ලැබුනෙ නෑ.imf 2.9 බිලියන් ලැබෙන්නේ.ඉන්දියාවෙන් න්යට කෑම සඳහා ආධාර ලැබෙනවා.අපේ රට ගොඩ ගන්න නම් ආයෝජන පිම්මක් අවශ්‍යයි.මොකද මේ අය රට බංකොලොත් කෙරුවා.රට බංකොලොත් කරපු අය ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා.මේ අයට උපදෙස් දෙන්න අයිතියක් නෑ.යහපාලන ආණ්ඩුව බාර දෙනකොට බිලියන 7.8සමග රට භාර දුන්නේ.අයිඑම්එෆ හම්බෙන්නේ 2.9යි.

ජනාධිපතිතුමාගේ කතාවෙදි කිව්වා ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නෑ කියලා.නමුත් මේ ආර්ථික අර්බුදයට එකම විසඳුම දේශපාලන විසඳුමයි.මැතිවරණ තියලා ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ ආණ්ඩුවක් පත් කරගන්න.රාජාසන කතාවේ මේ වසරේ මැතිවරණ ගැන එක වචනයක් තිබ්බේ නෑ.නරක ආශ්‍රය නිසා ජනාධිපතිවරයාගේ මනස විකෘති වෙලා.සාමකාමී අරගලවලට පහර දෙන්නේ ඒකයි.එදා මිනිස්සු ඇහුවා හිටපු යු,ඇන්,පි කාරයොන්ට ගහන්නේ ඇයි කියලා.මේ අර්බුදයට එකම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයක්,ජනාධිපතිවරණයක්,ඔක්තෝබර් එනකම් ඉන්න අවශ්‍ය නෑ.සංශෝධන ගේන්න අපි අනුමත කරනවා. රට බංකොලොත් කරපු ආණ්ඩුවට ජාත්‍යන්තරය උදව් කරයිද?නෑ.බයයි උදව් කරන්න.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?