Latestදේශීය

ආන්ඩු දිනන්නේ ගැහැණු යන පැත්තට නෙමෙයි – නලීන් බන්ඩාර

මේ වනවිට සමහර දේශපාලන පක්ෂ ගැහැණුන්ගෙන් මැතිවරණ ජය ගත හැකි බවත් රට හැරෙන්නේ ගැහැනු හැරෙන පැත්තට බවත් පවසන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) ගල්ගමුව පොල භූමියේ පැවති සමගි ජන ගොවි බලවේගය අමතමිණි. මේ අවස්ථාවට සමඟ ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර වැඩි දුරටත් පවසන්නේ “අපේ නායකතුමනි, දැන් මේ සමහරු කියනවා ආණ්ඩු දිනන්නේ ගැහැණු යන පැත්තටලු. හොඳට මතක තියාගන්න ආණ්ඩු යන්නේ ගැහැණු යන පැත්තකට නෙවෙයි. අපේ රටේ ගොවියා කොයි පැත්තටද අන්න ඒ පැත්ත තමයි දිනන බලවේගය.” යනුවෙනි.

ඊයේ ගල්ගමුවේ පැවති ගොවි සමුළුවට ලංකාවේ සතර දෙසින් ජනතාව කැඳවා තිබූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?