Latestදේශීය

ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුධ හමුදා ලොරි රථයක් එකිනෙක ගැටේ

කිලිනොච්චිය, කොකාවිල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.මාන්කුලම පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිට යාපනය, කරෙයිනගර් දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව මාන්කුලම පොලිසිය සඳහන් කර තිබේ.

මෙම අනතුර හේතුවෙන් ලොරි රථය පෙරළී ගොස් තිබු අතර, එහි ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.එමෙන්ම බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේතුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.දැනට සිදුකළ පරීක්ෂණ අනුවවේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව සඳහන්වේ.සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?