Latestදේශීය

පොහොර සහනාධාර කෝටි 100ක් වංචාකළ 10ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත.

ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත.

2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ, කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොහොර මෙරටට ආනයනය කර ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ගත් පොහොර සමාගම් 18ක් මගිනි.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?