Latestදේශීය

නඩු ප්‍රමාදය වැළැක්වීමට සමථ මණ්ඩලය

ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් අතර ඉතාමත් සාර්ථක ක්‍රමවේදය වන සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කරීමට මේ වන විටත් කටයුතු කර අධිකරණ වල නඩු ගෙඩගැසීම වැලැක්වීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල ( සංශෝධන ) පනත පිළිබදව ඊයේ(15) අධීකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

1988 අංක 72 පනත මඟින් සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව 2015 පමණ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති නඩු කටයුතු වලින් සියයට හතලිස් පහක් පමණ ප්‍රමාණයක් විසදීමට හැකිව තිබූ අතර සමථ මණ්ඩල ක්‍රමය තුල කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙ වන විට නඩු විසදීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවද අමාත්‍යතුමා සඳහන් කළේය.

අධිකරණය පිළිබඳ විශ්වාසය අඩුවීමට එක් හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අධිකරණයන්හි සිදුවන නඩු ප්‍රමාදවීමයි. එම නඩු ප්‍රමාදය වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ව්‍යාප්ත කිරීම කාලෝජිත බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර රුපියල් ලක්ෂ පහකට අඩු මූල්‍යමය නඩු කටයුතු විසදීමට සමථ මණ්ඩල වලට ලබාදී තිබූ බලය වර්තමානය වන විට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කල අතර ඒ හරහා මූල්‍යමඩ ගැටළු සමථකරණය කිරීමට ඇති හැකියාව ව්‍යාප්තවී තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල ඉතා විශාල වශයෙන් ඉඩම් ආරවුල් පවතින බැවින් ඒ සඳහා එම පළාත් දෙක සඳහා වෙනම ඉඩම් සමථ මණ්ඩල ක්‍රමය හදුන්වා දී තිබූ අතර එය ඉතාමත් සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක උනා එම පළාත් දෙකෙන් පිට තවත් දිස්ත්‍රික්ක 16ක් සඳහා මෙම ඉඩම් සමථ ක්‍රමය හදුන්වා දීම කල අතර එය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් ඒතුළින් අධිකරණ වල නඩු විභාගවීමට නියමිතව තිබූ ආරවුල් විශාල ප්‍රමාණයක් සමථයට පත්කර ගැනීමට හැකිවූවා සේම අධිකරණයන්හි ගොඩගැසීමට නියමිතව තිබූ නඩු අවම කර ගැනීමට හැකිවීමත් සමථකරණ ක්‍රියාවලිය තුළින් සිදුවී ඇැති බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

වර්තමානය වන විට බන්ධනාගාර තුළ රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව තිස්දහස ඉක්මවා ඇති බැවින් බන්ධනාගාර වල තදබදයක් ඇතිවී තිබෙන බව සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ කුඩා කුඩා වැරදි වලට බන්දාගාරතුල රඳවා තැබීමට අධිකරණයන්හි විනිසුරුවරුන්ට ද සිදුවී ඇති අතර එම ක්‍රමය වෙනස් කරමින් එම සැකකරුවන් ලියවිල්ලක් මඟින් තමන්ගේ ඥාතීන්ට හෝ භාරකරුවකු වෙත වගකීම පවරා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?