Latestදේශීය

විධායක ජනාධිපතිධූරය- මම භූක්ති විදලා ඉවරයි, අහෝසි කරන්න – මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ 2005 වසර අවසානයේ සිට 2014 වසර අවසානය දක්වා විධායක ජනාධිපති ලෙස බලය භුක්ති වින්ද බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

සමස්ත රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් වගකීම් දරනවා වෙනුවට බලය භුකිති වින්ද බව ගම්‍ය කෙරෙන ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වෙමින් පවතී. නමුත් එම ප්‍රකාශයෙන් සමස්ත රාජපක්ෂ පවුල සහ ඔහු එම කාලයේදී සිදු කරන ලද යථාර්තවාදී ක්‍රියාකාරකම් බලය භුකිති විඳීම පමණක් බව එම විවෙචකයන් පෙන්වා දෙමින් කල් පසුවීමෙන් හෝ ඇත්ත ප්‍රකාශ කිරීම පිළිබඳව ස්තූති වන්ත විය යුතු යැයිද වැඩිදුටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ.

මාධ්‍යවේදියෙකු මහින්ද රාජපක්ෂගෙන් විමසා තිබුණේ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියලා කියනවා. ඔබතුමාගේ මතය කොහොමද?” යනුවෙනි. එයට ලබාදුන් සම්පූර්ණ පිළිතුර පහත දැක්වේ.

“අවුලක් නෑ. මම හිටපු එකනේ. මම දැන් ඒක භුක්ති විඳලා ඉවරයි. හැබැයි ඉතිං ඒක නැති කළොත් හොඳයි. අද රටම කියන්නේ ඒක නැති කරන්න කියලනේ.” යනුවෙනි

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?