Latestදේශීය

ලක්ෂ 7කින් පඩි වැඩිකරගැනීම ගැන රංජිත් සියඹලාපිටිය කියන අපූරුව

මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයෙන් ඉහළ ධුරයන් දරනා තෝරා ගත් පිරිසකගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 7 ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ නැංවීම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදු කර ඇත.

ඔහු සඳහන් කර තිබෙන්නේ “ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙනවා. එම පනත ප්‍රකාරව ඔවුන් වැටුප් වැඩි කර ගැනීම සිදු කර තිබෙනවා. මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනික විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව අමතක නොකළ යුතුයි.“ ආදී වශයෙන් කරුණු දක්වා තිබේ. සියඹලාපිටිය සඳහන් කරන ආකාරයේ විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් මුදල් අමාත්‍යංශයෙන් සහ මහ බැංකුවනේ පිටත ද සිටින අතර ඔවුන් සියළු දෙනාට රට හැර යාමට ඉඩ හැර තිබේ. ඒ අතර විශේෂයෙන් විදේශයන්ගේ සිට ගෙන්වා ගත් මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති වැනි පුද්ගලයන්ගේ වැටුප එක වරම මාසිකව රුපියල් ලක්ෂ 7කට අධික ප්‍රමාණයකින් ඉහළ දැමීම සාධාරණීකරණය කිරීමට ද රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලකයන් ව්‍යාජ කරුණු දක්වමින් සිටී.

මේ බව වඩාත් හොඳින් තහවුරු වන්නේ මෙම වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රකාශයකින් ය. “සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි. මුළු රටටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස, පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. එය අසීරු ගමනක්. වැඩ වර්ජන නිසා එක පැත්තකින් ඉදිරි ගමන අඩාල වෙනවා. අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාවක් පීඩාවට පත් වෙනවා.”

මේ ලෙස බහුතරයක් මාසික වැටුප් ලබන්නන්ට එරෙහිව විවිධ ප්‍රකාශ කරන ආණ්ඩුව තම ගජ මිතුරන් වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව සනාථ වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?