Latestදේශීය

ගංගාරාම නවම් මහා පෙරහැර මැදින් පුන් පොහෝ දිනය දා

දෙස් විදෙස් ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවූ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර එළඹෙන මැදින් පුන් පොහෝදිනය දා 45 වන වරටත් පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබෙන බව කොළඹ ගංගාරාම විහාරවාසි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුයේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී  ය.

1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහැර තුනුරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන පුජාවක් ලෙස හැඳින්විය හැකියි. ගංගාරාම නවම් මහා පෙරහර රටේ සංස්කෘතික පාර්ශවය පෝෂණය කිරීම උදෙසා දක්වන දායකත්වය අතිමහත්ය. එම පෙරහැරේ ආරම්භයට හේතු පාදක වී තිබෙන්නේ කලින් අගනුවර තිබූ ඇසළ පෙරහරය. ගංගාරාම කුලඟන සමිතිය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

නවම් මාසයේ පෙරහැර ආරම්භ කිරීමට හේතු කාරණා වූ සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් නවම් මාසයට විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමය. අනෙක නවම්  පොහොයේ තිබෙන ශාසනික වැදගත්කමය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය පැවැත්වීම එම සුවිශේෂී ශාසනික කාරණයයි.

1919 සිට වාර්ෂිකව නොකඩවා පෙරහැර පැවැත්වීමට හැකිවීම පෙරහැර සංවිධායක කමිටුව ලැබූ විශාල ජයග්‍රහණයකි. පෙරහර පැවැත්වීමට එක අවස්ථාවක දී නොහැකි වූයේ ත්‍රස්තවාදීන් මහ බැංකුවට ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේදීය. පෙරහැරට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ සිදුවූ හදිසි ප්‍රහාරයෙන් කරදරයට පත්වූවන් උදෙසා නවම් මහා  පෙරහරට එකතු වූ මුදල් බෙදා දීම සිදුවිණි. එයත් පෙරහර ඉතිහාසයේ සුවිශේෂී කාරණාවකි.

මෙවර පෙරහැර නැරඹීමට එන බැතිමතුන් උදෙසා වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම, සනීපාරක්ෂක ස්ථාන සැකසීම, මහජන ආරක්ෂාව සැලසීම වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙවරත් ලංකාවේ සියලුම නාළිකා නවම් මහා පෙරහැර සජීවීව විකාශනය කිරීමට ද සියකු කටයුතු සංව්ධානය කර තිබේ.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ස්ටටෙන් අයිලන්ඩ් (Staten Island) විහාරාධිපති හීන්බුන්නේ කොන්ඩඤ්ඤ හිමිපාණන් ද මේ සඳහා සහභාගී විය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?