Latestදේශීය

චම්පික දාමරිකයෙක්, ජනාධිපති කමට සුදුසු නැහැ – උදය ගම්මන්පිල

මෙරට ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුනහොත් අනාගතයේදී බෙදුම්වාදී යුද්ධයක් ඇතිවන්නේ උතුරු පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එවිට ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදීන්ට සහාය දක්වන රටවලට කිසිම පැකිලීමකින් තොරව එළිපිටම එම බෙදුම්වාදී සංවිධානයට නොඑසේනම් උතුරු පොලිස් හමුදාවට ආධාර ලබා දීමට හැකියාව ලැබෙන බවට පිවිතුරු හෙළ උරුමයේ නායකයා අනතුරු අගවයි.

උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කර සිටියේ ස්වරණවාහිනී “ඉර හරි කෙලින්” වැඩසටහන හා එක් වෙමිනි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දුන් බලතලවලින් වඩාත් භයානකම බලතලය වන පොලිස් බලතල ඉන් ඉවත්කිරීම සදහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන් විසින් ගෙන ආ බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපතිවරනයට තරග කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සදහන් කලේ කොළඹ දිස්ත්‍රිකයේ වත් පළමුතැනට පැමිණීමට නොහැකි රණවක මන්ත්‍රිවරයා රටේ මුල් තැනට පැමිණීමට උත්සහා දැරීම සාර්ථක කටයුත්තක් නොවන බවයි.

එමෙන්ම බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇතියි ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයෙන් සමුගැනීම, ජවිපෙ නැගිටීම, රටේ සැබ අර්බූදයට විසදුම් ජවිපෙ සතුද? වැනි සංවාදාත්මක කාලීන දේශපාලන කරුණු රැසක් මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා විසින් ඉදිරිපත් කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?