Latestවිදේශීය

ඇමරිකාවේ පෞද්ගලික සමාගමක් සඳ මත යානයක් ගොඩ බස්වයි

ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් අමෙරිකාවේ Intuitive machines  සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

අමෙරිකානු යානයක්, සඳ මතට ගමන් කර ඇත්තේ වසර 58 කට පමණ පසු පළමු වරට බවයි සඳහන් වන්නේ.

පසුගිය 15 වැනිදා ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අදාළ යානය රැගත් ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණා.

සඳ මතුපිට අධ්‍යයනය කිරීමේ අරමුණින් මිනිසුන් රහිත එම යානය යොමු කර ඇති අතර රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ 6 ක් ඉන් රැගෙන ගිය බව නාසා ආයතනය නිවේදනය කළා.

අමෙරිකානු චිත්‍ර ශිල්පියෙකු වන ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125 ක් ද, ඔඩිසියස් යානය සඳ මතට රැගෙන ගොස් තිබේ.
ඒ අනූව සඳ මතට රැගෙන ගිය පළමු කලා කෘති ලෙස එම මූර්ති ඉතිහාසයට එක්වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

අඩ සියවසකට වැඩි කාලයක් සාර්ථක සඳ මෙහෙයුමක් දියත් නොකළ නාසා ආයතනයට සහ අමෙරිකානුවන්ට මෙය ඓතිහාසික දිනයක් බව නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් මහතා සඳහන් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?