Latestදේශීය

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දැනුවත් කිරීමට පියවර

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරයි.මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වනු ඇත.කෙසේ වෙතත් එම පනත සම්මත වීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නැත.

ඒ හේතුවෙන් අදාළ පනතේ විධි විධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම හමුව කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?