Latestදේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලංසුව මාර්තු 05 – නිමල් සිරිපාල

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.

අද දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“අපි ලංසු කැදවා තිබෙනවා මාර්තු 5 වැනිදා උදෑසන 10 සිට සවස 2 දක්වා ඔවුන්ට පැමිණිය හැකියි. එය සජීවීව සිදුකරනු ලබනවා. පස්වරු 2 වන විට ලංසු විවෘත කර ඇගයීම ලක්කළ හැකියි. ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද සිටිනවා. ඔවුන් එම ලංසු ඇගයීම සිදුකරනු ලබනවා. අවසානයේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මට අවශ්‍ය අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදුකළ හැකි ශක්තිමත් ආයෝජකයෙකු පැමිණීමයි. ඒ වගේම ගුවන් සේවයේ 6,000කගේ රැකියාවන් සුරක්ෂිතභාවයට පත්කිරීමත් අවශ්‍ය වනවා.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?