Latestදේශීය

AGRI TECH 24 කෘෂි තාක්ෂණික දැක්ම හෙට ඇරඹේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය  සංවිධානය කෙරෙන Agri Tech 24 කෘෂි තාක්ෂණික දැක්ම හෙට (05) ඇරඹේ. ‍හෙට ඇරඹෙන මෙම ප්‍රදර්ශනය මාර්තු(05) දක්වා හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී පැවැත් වේ. පසුගියදා මෙරටදී පැවැත් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. මේ වනවිට කෘෂිකර්මාන්තය තුළ භාවිත වන නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද  මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය. නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ රාජ්‍ය ආයතන විසින් ප්‍රදර්ශන කුටි 65ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන අතරසුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසැල් 26ක් සහපුද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශන කටයුතුවල නිරත වෙයි.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?