Latestදේශීය

උමාඔය විවෘත කරන්නේ තුන්වෙනි වතාවට – සමන්ත විද්‍යාරත්න

උමාඔය ව්‍යාපෘතිය විවෘත කරන්නේ තුන්වන වතාවට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. පළමු විවෘත කිරීම සිදුකළේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, දෙවන වර විවෘත කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් මෙවර එය විවෘත කරන්නේ රනිල් රාජපක්ෂ සහ  ඉරාන ජනාධිපති බවත් පවසන විද්‍යාරත්න මහතා එක මුල්ගලක් විවෘත කිරීම් තුනක් සහිත ව්‍යාපෘතියක් ලංකාවේ ඇත්නම් එය උමාඔය ව්‍යාපෘතිය බව ද පවසනවා.

උමාඔය විවෘත කිරීමට තමන්ට ආරාධනා කළ බවට පලවන ප්‍රවෘත්ති වල කිසිදු සත්‍යතාවයක් නැති බවත් උමාඔය විවෘත කිරීම පිළිබදව තමන් සියලු තොරතුරු දැනගනිමින් සිටින්නේ ද මාධ්‍ය හරහා බවද පවසනවා.

රටට යහපතක් ජනතාවට යහපතක් වනවා නම් සංවර්ධනයට තමන් විරුද්ධ නැති බවත් පරිසරයට, රටට සහ ජනතාවට විනාශයන් සිදුවන කිසිදු ව්‍යාපෘතියකට තමන් එකග නොවන බවත් පවසන විද්‍යාරත්න මහතා උමාඔය ව්‍යාපෘතිය හරහා සිදුවූ පරිසර විනාශය අනාගතයේ රටට අත්විදින්නට සිදුවන බවද අවධාරනය කරනවා.

උමාඔය ව්‍යාපෘතිය හරහා හිටපු ආන්ඩු ප්‍රභලයින් ඩොලර් කෝටි ගණන් ගසාකෑ බව පවසන්නේ තමන් නොව රටේ ප්‍රධාන මාධ්‍ය විශේෂයෙන්ම ආන්ඩුවේ මාධ්‍ය බව ද පවසනවා.

එදා උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූ ජනතාව සිදුකළ බන්ඩාරවෙල උද්ඝෝෂණය 5000%ක් සාධාරණ බව පැවසූ හරීන් ප්‍රනාන්දු වැනි අය අද පවසන දේ හාස්‍යයට කරුණක් වී ඇති බවද  පවසනවා.

මාධ්‍ය නාලිකාවක් සමගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පලකළා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?