Latestවිදේශීය

ටික්ටොක් තහනම්  

ටික්ටොක් තහනම් කිරීමේ පියවර ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී ඇත.
  
ඒ අනුව ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතව තිබේ.නුදුරු දිනකදී මෙම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.
එසේ සිදුකළහොත් ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු අතර මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් ලෙසය තමන් දකින බවත් ඊට කිසිසේත් එකඟ නොවන බවත් චීනය පවසා තිබේ. 

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ ටික්ටොක් භාවිත කරන්නන් මිලියන 170ක් අමෙරිකාවේ සිටින අතර එය තහනම් කළහොත් ඔවුන්ගේ නිදහස් භාෂණයට ඇති අයිතියට බලපෑම් ඇතිවන බවයි .

එමගින් ව්‍යාපාර මිලියන 7කට බලපෑම් ඇතිවිය හැකි බවත් ටික්ටොක් මගින් වාර්ෂිකව අමෙරිකානු ආර්ථිකයට ලැබෙන බිලියන 24ක දායකත්වයද අහිමි වන බව සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?