Latestදේශීය

ජනපතිගේ මැයි දින පණිවුඩය

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යෑමේ අත් හළ නොහැකි වගකීම අද අප සියලු දෙනා වෙත පැවරී තිබෙන අතර, ඒ වෙනුවෙන් සියලු දෙනා සාමූහිකත්වයෙන් වැඩ කළ යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ මැයි දින පණිවිඩයේ මෙසේද සඳහන්ය,

“ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වැනි සැමරුම වන විට, අපි රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටින්නෙමු.

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යෑමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලු දෙනා වෙත පැවරී තිබෙන අතර, ඒ වෙනුවෙන් සියලු දෙනා සාමූහිකත්වයෙන් වැඩ කළ යුතුව තිබේ.

පසුගිය ආර්ථික කඩාවැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේද මෙරට කම්කරු ජනතාවයි. නොසැලී සියල්ල විඳදරාගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සමස්ත කම්කරු ජනතාවට ස්තුතිය පුද කිරීමටද මම මෙය අවස්ථාවක් කරගනිමි.

අප සියලු දෙනා එක්ව සිදු කරන ඒ අසීමිත කැප වීමේ ප්‍රතිඵල අද රට හමුවේ දක්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර, උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට ගෙන ඒමටත්, රුපියල ශක්තිමත් කිරීමටත් හැකි වීම රජය ලැබූ ජයග්‍රහණයන්ය.

කම්කරු ජනතාව තව දුරටත් දිළිදු ජනතාව ලෙස රඳවාගැනීම රජයේ අරමුණ නොවන අතර, අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නඟාසිටුවීම වෙනුවෙන්ද පුළුල් වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය. එමෙන්ම ආර්ථික ගැටලු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර, ඒ හා සමගාමීව පෞද්ගලික අංශයද සිය උපරිම දායකත්වය දී තිබේ. සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනාගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කරගනිමුයි සියලු දේශපාලන පක්ෂවලට ඇරියුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලු දෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන එක් කරමි.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?