Latestදේශීය

ලක්ෂ ගණනක ජනතාවක් ඉදිරියේ කිසිදා අමතක නොවන මැයි රැළියක් මේ අමතන්නේ – හරිනි අමරසූරිය

“හේතු ගණනාවක් නිසා ඓතිහාසික, සුවිශේෂී රැලියක් බවට මෙය පත් වෙනවා. පසුගිය කාලයේ මැයි රැලි පවත්වා, අරගල ගණනාවක් සිදු කර, පුරවැසි අරගලයකට පසුව අත්දැකීම් එකතු කරගෙන අනාගතය දෙස ඉතාමත් අධිෂ්ඨානයෙන්, අරමුණුසහගතවයි අප මෙතැනට එක්වී සිටින්නේ.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ මේ වනවිට මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,

“ලක්‍ෂ ගණනක් ජනතාව ඉදිරියේ මැයි රැලියක අමතන මගේ ප‍්‍රථම අවස්ථාවයි මේක. මට මේ මැයි රැලිය කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඔබටත් එසේම බව මට නිසැකයි. හේතු ගණනාවක් නිසා ඓතිහාසික, සුවිශේෂී රැලියක් බවට මෙය පත් වෙනවා. පසුගිය කාලයේ මැයි රැලි පවත්වා, අරගල ගණනාවක් සිදු කර, පුරවැසි අරගලයකට පසුව අත්දැකීම් එකතු කරගෙන අනාගතය දෙස ඉතාමත් අධිෂ්ඨානයෙන්, අරමුණුසහගතවයි අප මෙතැනට එක්වී සිටින්නේ. මේ රටට, සමාජයට පරිවර්තනීය මොහොතක් හැදෙන මේ රට ගොඩනැගීමත්, වෙනස් කිරීමත් වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වී සිටිනවා. සාමුහික හැඟීමෙන්, හෘදය සාක්‍ෂිය හොඳටම අවදි වී තියුණු වුණු ජන බලයක් මෙතැන එකතු වී සිටින්නේ. මේ දවස ඉතිහාසයේ අලුතින් ලියන පෙරළිකාරී අරගලකරුවන් පිරිසක් මෙතැනට එකතු වී සිටිනවා. වෛද්‍යවරුන්, හෙදියන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් සහ වැටුප් ලබන මෙන්ම නොලබන අප සියලුම දෙනා මේ රටේ පුළුල්ම ජන බලය වෙනුවෙන් එකතු වී සිටිනවා. ජීවිතයේ පළමුවරට මැයි රැලියකට එකතු වුණු අය රට වෙනස් කිරීමේ ජන බලය වෙනුවෙන් මෙතැනට එක්කාසු වී සිටිනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *