Latestවිදේශීය

වැටුනු දත් වෙනුවට වැවෙන දත් ‌තාක්ෂණය ජපානය සොයාගනී

මේ දක්වා කෘතීම පාද සවි කිරීම(prosthesis), යලි සිටවීම්, පාලම් දැමීම් සහ දන්තාලේප වලින් ඔබේ දත් ආරක්ෂා කිරීමට ගනු ලැබූ උත්සාහයන් අවසන් කිරීමට ජපානයේ Osaka හි Kitano රෝහලේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටි. ඒ අනුව විනාශ වූ ඔබගේ දත් නැවත වර්ධනය වීම වළක්වන ජානය හඳුනාගෙන ඒවා ඖෂධයක් මගින් අක්‍රිය කිරීමට මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත. මෙම නව සොයා ගැනීම මගින් මිනිසාට යලි කිරි දත් ලබා ගැනීමට හැකි වන අතර ඉන් පසුව ස්ථිර දත් ලබා ගැනීමට ද හැකි වී ඒවා දින නියමයක් නොමැතිව නැවත වර්ධනය වීමද සිදු කරනු ඇත.

ජපානයේ ඔසාකා පරීක්ෂක කණ්ඩායම සඳහන් කරන ආකාරයට ඔවුන් වසර ගණනාවක් මීයන් සහ මුගටියන් සමග සිදුකරන ලද පරික්‍ෂණයක ප්‍රථිපලයක් ලෙස සොයා ගන්නා ලද මෙම ප්‍රතිකාරය මගින් ඔවුන්ගේ නැතිවුණු දත් නැවත වර්ධනය කිරීමට දැනටමත් සමත් වී ඇත. ඉන්පසුව ඔවුන්ගේ ඊළඟ අදියර වනුයේ මෙම අපුර්ව ඖෂධය මිනිසුන් වෙත ලබා දීමේ පරීක්ෂණ 2024 සැප්තැම්බර් මාසයේදී ආරම්හ කිරීමට තීරණය කිරීමයි. මෝරුන් හෝ කිඹුලන් මෙන් නොව, මිනිසුන්ගේ වැඩිහිටි දත් නැවත වර්ධනය වීමක් සිදු නොවේ. ඒවා යම් කැඩී යාමකට හෝ විනාශ වීමක් සිදු වුවහොත් කෘත්‍රිම පාදයක් දැමීම හෝ යලි සිටුවීමට සිදු වේ. මිනිසා තුල එසේ යලි දත් වර්ධනය නොවීමට හේතුව ලෙස සැලකෙන්නේ USAG-1 නම් ප්‍රෝටීනය වන අතර එය දත් යලි වර්ධනය වීම අක්‍රිය කරනු ලබයි.

මොනොක්ලෝනල් ප්‍රතිදේහයක් ලෙස සැලකෙන මෙම නව ප්‍රතිකාරය විසින් මිනිස් දත් වර්ධනයට බාධා කරන එම ප්‍රෝටීනය මුලින්ම අක්‍රිය කරනු ලැබේ. ඉන් පසුව අපගේම දත්, ඉතා පිරිසිදු, අලුත්ම, ස්වභාවිකව ලෙස නැවත වර්ධනය කිරීමට සොයා ගන්නා ලද නව ඖෂධය මගින් හැකි වන බව ඔසාකා පරීක්ෂක කණ්ඩායම අවධාරණය කරමින් කියා සිටි.

නමුත් පළමුව මෙම නව ඖෂධය කිසිදු අනතුරක් හෝ අතුරු අබාධයක් සිදු නොවන බවට සහතික විය යුතුව ඇත. එබැවින් අවම වශයෙන් එක් දන්ත මූලයක් වත් නොමැති නිරෝගී වැඩිහිටියන්ට එය මුලින්ම එන්නත් කරනු ලැබේ. මක් නිසාදයත් නව ප්‍රතිකාරය හොඳින් ක්‍රියාත්මක වුවහොත් සිදු විය හැකි ආබාධ මගින් ඔවුන්ගේ දත් 33 ක් දක්වා අවසන් වී යාමේ අවදානමක් එයින් සිදු නොවන නිසාය. ඉන්පසුව මෙම නව ප්‍රතිකාරය වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස්වල පසුවන කුඩා දරුවන්ට හා ඔවුන්ගේ දත් වර්ධනය වීම වළක්වන සහජ රෝගයකින් පෙළෙන දරුවන් සමග පරීක්ෂා කිරීමට නියමිතය.

පරීක්ෂක කණ්ඩායම සඳහන් කරනුයේ අදාළ ප්‍රතිකාරය ප්‍රථමයෙන් සතුන්ට ලබා දීම මගින් කිසිදු අතුරු ආබාධයක් මේ දක්වා නිරීක්ෂණය වී නොමැත. එබැවින් එය පළමුව වැඩිහිටියන්ට ලබාදී පරීක්ෂා කිරීමට ද මෙය අවස්ථාවක් වනු ඇත. ඒ අනුව එහි පළමු අදියර 2025 අගෝස්තු දක්වා වසරක් කාලයක කාලයක් තුල සිදු කරනු ඇත. ඉන්පසුව, ඔවුන් එය කුඩා ළමුන් සමග පරීක්ෂණ දිගටම සිදු කරගෙන යනු ඇත. සියල්ල හොඳින් සිදුවුවහොත්, 2030 වන විට ප්‍රතිකාරය ලොව පුරා වාණිජකරණය කරනු ලබනු ඇත.

කෙසේවෙතත් පරීක්ෂක කණ්ඩායම සඳහන් කරනුයේ මෙම ඖෂධය සංජානනීය දන්ත රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් භාවිතා කරනු ඇත. එසේම මෙම ප්‍රතිකාරයේ තවත් මූලික පරමාර්ථයක් වනුයේ හදිසි අනතුරකින් පසුව හෝ නරක්වූ කුහරයකින් පසු දතක් අහිමි වූ විට කෘත්‍රීම දන්ත පාදයක්(prosthesis) සවි කිරීම වෙනුවට විකල්ප විසඳුමක් සොයා ගැනීම වේ. ඔබේ දත් නැවත වැඩෙනවා දැකීම සතුටක් වන අතර මෙම නව සොයා ගැනීම මගින් දන්ත වෛද්‍ය විද්‍යාවේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කළ හැකි බව ඔසාකා පරීක්ෂක කණ්ඩායම මේ අතර සඳහන් කර සිටි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?