Latestදේශීය

රෝහිත රාජපක්ෂ නැවත වරක් ප්‍රතික්ෂේප වෙයි

මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හෙවත් `චිචී’, මෝටර රථ ධාවන තරගයක් සූදානම් කිරීම සඳහා ගුවන් හමුදාවට නියෝග ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම හමුදාව තුළ බලවත් විරෝධයක් හට ගෙන ඇති බවත් අනාවරණය වේ.

පසුගිය අප්‍රේල් මාසයේ දියතලාවේදී පවත්වන ලද ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟයේදී අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියයාම සම්බන්ධව වගකීම මේ වනතුරු කිසිවෙකුත් භාර ගෙන නොමැති පසුබිමක තවත් එවැනිම තරඟයකට සූදානම් වීම පිළිබඳව ගුවන් හමුදාවේ බලවත් විරෝධයට හේතු වී ඇත. ෆොක්ස්හිල් තරගාවලියද නාමල් රාජපක්ෂගේ සෘජු සම්බන්ධයක් පැවතී ඇති බව හෙළි වී තිබිණි. එහෙත් මේ පිළිබඳව සාධාරණ විමර්ශනයක් මේ දක්වා සිදු කර නැත.

මේ අතර මහින්ද රාජපක්ෂ බලය සිටි කාලයේ මහනුවර දළදා මාලිගාව වටා පවත්වන ලද මෝටර රථ ධාවන තරඟයට සහභාගී කරගත් අනුග්‍රාහකයින් රැසකගෙන්, ජූලි 07 වෙනි දින පැවැත්වීමට සැලසුම් කර ඇති තරඟ සඳහාද අනුග්‍රහය ලබා ගැනීමට උත්සාහ දරා තිබේ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අනුග්‍රහය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි මේ වනවිට හෙළි වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *