Latestදේශීය

බැසිල්ට එපා කියා කෝකිලා ප්‍රසන්න හරහා රනිල් මාවතේ

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරඟ කළ පාර්ලිමේන්තුවට තේරී පත් වූ කෝකිලා ගුණවර්ධන මේ වනවිට රාජපක්ෂලාට එරෙහිව රනිල් වික්‍රමසිංහගේ කඳවුරට එක් වී සිටී.

(04) ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති අන්දමට ඒ බව තහවුරු වී තිබෙන්නේ මීරිගම ආසනයේ පවත්වන ලද පොහොට්ටු සමුළුවේ දී ය. එහි ප්‍රමුඛතමයා ලෙස රනිල් පිලේ ප්‍රසන්න රණතුංග කටයුතු කර තිබේ. අදාළ තහවුරුවීම සම්බන්ධයෙන් ලංකාදීප වාර්තා කර තිබූ ආකාරයට උපුටා ගෙන පහත දැක්වේ.

“කෝකිලා විනාඩි පහෙන් පහට ප්‍රසන්නට කතා කරමින් කීවේ ‘කවුරු ආවත් වැඩක් නෑ. සර් කීයට හරි මේකට එන්න ඕනේ‘ කියා ය.“ මෙයට පෙර ප්‍රසන්න ඇමතිතුමා වශයෙන් කෝකිලා ගුණවර්ධන විසින් ඔහුව ආමන්ත්‍රණය කර තිබෙන අතර ‘සර්‘ යන ආමන්ත්‍රණය යොදා තිබෙන්නේ බැසිල් රාජපක්ෂට පමණක් බව පොහොට්ටු මැති ඇමතිවරු හෙළි කර තිබුණි. නමුත් දැන් මේ වනවිට ප්‍රසන්න රණතුංගට ද සර් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ප්‍රසන්නවාදියෙකු වී රනිල් පිලට එකතු වී ඇති බව තහවුරු වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?