Latestදේශීය

වියත්මගෙයි, පොහොට්ටුවෙයි දූෂිතයෝ දැන් ඉන්නේ සජබෙ – සරත් ෆොන්සේකා

එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තමන්ව සමගි ජන බලවේගයෙන් ඉවත් කර ඇති බවත් මේ දිනවල පල වන වාර්තා සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සමග අදහස් දක්වමිණි.

“මේ වෙන කොට අපි අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අධිකරණ කටයුත්තක් වෙමින් පවතිනවා. මම අධිකරණ නියෝගයක් අරගෙන තියෙනවා. වාරණ නියෝගයක්. මම දරණ සභාපති තනතුර සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කරන්න බෑ කියලා තහනම් නියෝගයක් අරගෙන තියෙනවා. ඒ නියෝගය තියෙන තාක්කල්, ඒ නියෝගය දැනට ජූලි 27 වෙනකන්. මෙතැනින් එහාටත් මට විශ්වාසයි ඒක මට මගේ අවශ්‍යතාවක් ආවොත් අපට ඒක දීර්ඝ කරගන්න ලැබෙයි කියලා මට හිතෙනවා. එක් හන්දා, එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට එහෙම හිතුණ පළියට මාව ඒ තනතුරෙන් අයින් කරන්න බැහැ. එහෙම තීරණයක් ගත්තොත් කවුරු හරි, එහෙම තීරණයක් ප්‍රකාශ කළොත් එයා අනිවාර්යයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරදට චෝදනාවට ලක් වෙනවා. ඒක හන්දා එක එක ප්‍රවෘත්ති මවන්න. එක එක කටකතා මවලා ඒවගෙන් පොඩි පොඩි, දේශපාලන භාෂාවෙන් කියන්නේ ආතල් ගන්නවා කියලා. ඒව කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. නමුත් යථාර්ථය මම තාම ඒ තනතුරුවල ඉන්නවා. මම පක්ෂයේ ඉන්නවා තාම.

ප්‍රතිපත්තිමය වශයෙන් මම පක්ෂයේ කලකිරීමක ඉන්නවා. මොකද අපි අලුත් පක්ෂයක් නිර්මාණය කරනකොට, එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවිලා ඇවිල්ලා, මන්ත්‍රීවරු 92ක්. අපි බලාපොරොත්තු වුනේ මේ රට ඉල්ලන වෙනසක් තියෙනවා මේ කාලයේ. ඒ වෙනස ගැන මම කාලයක් තිස්සේ කතා කළා. අපි හිතුවේ අලුත් පක්ෂයක් නිර්මාණය කරණකොට, දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපි ඒ අලුත් පක්ෂය හරහා යන්න පුළුවන් කියලා.

අලුත් දේශපාලන සංස්කෘතියක්, දූෂණයට විරුද්ධ, දූෂිතයෝ ගාව ගන්නේ නැති, දූෂිතයන්ගෙන් ඈත් වෙලා, පිරිසිදු මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමණක්. එහෙම හිතාගෙන තමයි ඒ පක්ෂය නිර්මාණය කරන කොට අපි ඇවිල්ලා එකතු වුනේ. ඒ පක්ෂයේ මම තනතුරු බාරගත්තෙත් එවැනි බලාපොරොත්තුවක් තියාගෙන. නමුත් දැන් අලුත් දේශපාලන ගමනකුත් එතන නැහැ. දූෂිතයන්ගෙන් තොර ගමනකුත් එතන නැහැ. වියත්මගෙයි, පොහොට්ටුවෙයි හිටපු දූෂිත මිනිස්සුත් ඒකට දැන් එන එන වෙලාවට ඕන කෙනෙක් බාරගන්නවා. ඒක හන්දා බලාපොරොත්තු වුන වෙනස එතන වෙන්නේ නැහැ. ඒක හන්දා මගේ කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීම මත ඉඳගෙන මම අදහස් ප්‍රකාශ කරනවා.

මේ ඝට්ටනය එළියට ආවේ, ඉස්සෙල්ලම අර දයා රත්නායක කියන හමුදා නිලධාරියාව ගත්තම තමයි මම මේක ප්‍රසිද්ධියේම විවේචනය කළේ. ඒ පුද්ගලයා වියත්මගේ වේදිකාවල හිටියා. ඒ පුද්ගලයාගේ හමුදාවේ ක්‍රියාකලාපය ගැන මම පුද්ගලිකවම විවේචනාත්මකව හිටිය කාලයක් තිස්සෙම. තාමත් ඒ විවේචන මට තියෙනවා. ඒ පුද්ගලයා ලේකම් කෙනෙක් වෙලා හිටියා, මම හිතන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ. එතනදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ තියෙන පරණ මැෂින්වල යකඩ හොරෙන් විකුණලා අහු වෙලා දැනටත් නඩුවක් තියෙනවා. ඒ වගේ පුද්ගලයෙක් ගත්ත ගමන් මම ඒකට විරෝධය ප්‍රකාශ කළා. ඒ විරෝධය ප්‍රකාශ කළාම පක්ෂයේ නායකයා, මහලේකම් ඇතුළු අදාළ පුද්ගලයින් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒගොල්ලෝ මාව විවේචනය කරන්න පටන් ගත්තා. ඒවයින් පස්සේ ඒ ගැටුම ටිකක් දුරදිග ගියා. මේ වනකොටත් පක්ෂයේ හුඟක් අය මම වගේ එළිපිට ප්‍රසිද්ධියේ කතා නොකළට, මූණටම කියන දේ නොකිව්වට, විශාල සංඛ්‍යාවක් ඉන්නවා මන්ත්‍රීවරු පවා කලකිරීමෙන්. මේ දේවල් අනුමත නොකරණ පිරිසක් ඉන්නවා. ඒ හුඟක් අයට අවශ්‍යයි ඉන්න තැන ඉඳලා පක්ෂයේ ඡන්ද පදනමෙන් ඊගාව පාර්ලිමේන්තුවට යන්න ඕන නිසා කට පියාගෙන ඉන්නවා. නමුත් හුඟක් අයට අසාධාරණ වෙලා තියෙනවා. ඒ අය අපිත් එක්ක කතා කරනවා. විශාල විවේචනයක් තියෙනවා මේ වැඩපිළිවෙළ ගැන.

අපිත් එක්ක ඇවිල්ල ඉන්න අය බැලුවහම අවුරුදු 25ක් 30ක් දේශපාලනය කරපු අය. ඒ අයගේ පැටිකිරිය බැලුවහම ජනතාව ඇඟිල්ල දික් කරලා තියෙනවා දූෂණයට අදාළව.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *