Latestදේශීය

විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පත්කිරීම අත්හිටුවයි

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා කළ පත් කිරීම නීතීවිරෝධී බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවරයකු ඇතුළු තිදෙනෙකු ගොනු කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට  වෙනත් අයකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියම කරමින් වගඋත්තරකරුවන්ට නොසීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සලකා බැලීණි.

ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු තිදෙනෙකු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *