දේශීය

අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

පොලීසීය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන් දෙදෙනකු මෙලෙස අතුරුදව ඇති බවයි.

එම දරුවන් පසුගිය නොවැම්බර් මස 23 වන දා සිට එලෙස අතුරුදන්ව ඇතැයි පැමිණිල්ල ලැබී ඇති අතර මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් වු ළමුන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

ළමුන් දෙදෙනා පිළිබඳ විස්තර පහතින්,

01.

  • නම   – දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්
  • වයස  – අවුරුදු 10
  • රූප විස්තර   – උස අඩි 04 ක් පමණ තළෙළුයි. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් දෙකක් වැටී ඇත.
  • අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමක්

02.

  • නම – ජයසේකර මුදලිගේ අකිල දේදුණු
  • වයස අවුරුදු – 12
  • රූප විස්තර – උස අඩි 4 අඟල් 10 පමණ තළෙලු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත.
  • අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක්

මෙම දරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහතින් දක්වා ඇති දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  1. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති – 071 – 8591634
  2. කොටදෙණියාව පොලිස් ස්ථානය – 033 – 2240050
  3. කොටදෙණියාව පොලිස් ස්ථානය  – 033- 2272222
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?