Latestදේශීය

දිනේෂ්ට සහ කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ලබන අගෝස්තු 02දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයට නොතීසි නිකුත් කර තිබේ.

ඒ ගුවන්තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිම අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක වීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනැයිද ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහාය.

ඒ අනුව එම පෙත්සම අගෝස්තු 02දා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ ඇමතිවරුන්ට පෞද්ගලිකව නොතීසි භාරදෙන ලෙසද සෙසු ඇමැතිවරුන්ට භාරදීම සඳහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙතට නොතිසී භාර දෙන ලෙසද අධිකරණ වැඩිදුරටත් නියෝග කර තිබේ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *