Latestදේශීය

පලස්තීනය වෙනුවෙන් දහස් ගනන් ජනයා මහපාරට

කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු දසදහස් ගණනින් ජනතාව මරා දමමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පල කරමින් සහ පලස්තීන ජනතාවගේ නිදහස් වෙනුවෙන් පසුගිය දා කින්නියා හිදී දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.

මේ වනවිට ලොව පුරා ජනතාව මෙම ප්‍රහාරයට විරෝධය පල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් තිබෙන අතර විශේෂයෙන් මේ වනවිට ඊශ්‍රායලය තුළද එම විරෝධතා වර්ධන වී තිබේ.

ඔක්තොම්බර් මස 07 දින හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මේ වන විට පලස්තීන වැසියන් දහස් ගණනින් මරා දමමින් පවතින අතර මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය ගෙන යන යුද්ධයට ලොව පුරා ජනතාව අතර මහත් විරෝධයක් එල්ල වෙමින් පවතී.

1948 සිට මේ දක්වා පලස්තීන ජනතාව කුඩා භූමි ප්‍රදේශයකට ගාල් කරමින් ඊශ්‍රායලය සිදුකරමින් පවතින අමානුෂික අත්පත්කරගැනීම් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු කිසිදු පාර්ශවයක් ‌පලස්තීන ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් අවංකව මැදිහත් වී නොමැති නිසා මෙම ගැටුම් උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?