Latestදේශීයමතවාද

වසන්තට ආචාරය – මධුෂාන්ට ශක්තිය

වසර 18 ක මගේ මෙරට විශ්වවිද්‍යාල ජීවිතය තුළ (සිසුවෙක් මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස ගත කරද්දී) හමුවූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවන් ගණනාවකි.
සමහරුන් සමඟ සමීපවද දුරස්ථවද කටයුතු කොට ඇත්තෙමි. ඔවුන්ගෙන් සමහරෙකු අද ජීවතුන් අතර නොමැත. ජීවත්වන සමහරු අහම්බෙන් හමු වූ විට නොදැක්කා සේ ඉවත බලාගෙන යන අවස්ථාද නැත්තේ නොවේ.

“අවිශිබම” අවසානයේ “අන්තරය” වනු නිරීක්ෂණය කළෙමි. අවශ්‍ය අවස්ථාවලදී හැකි සහයක් ලබා දුන්නෙමි. ඒ බව ජවිපෙ, පෙරටුගාමී හා ජානිප නායකාරාදීන් එක් එක් මට්ටමින් දන්නවා ඇත. ඔවුන් නොදන්නා රහස්‍ය කාරණාද වෙයි. කෙසේ වුවද මට කියන්නට අවශ්‍ය වන්නේ “අවිශිබම” මෙන්ම “අන්තරේ” කැඳවුම්කරුවන් යනු මේ සමාජයට බොහෝ සෙයින් ආදරය කළ, ඒ වෙනුවෙන් සිය අධ්‍යාපනය, පවුල් බැඳීම් පමණක් නොව ජීවිතයම කැප කළ තෝරාගනු ලැබූ පිරිසක් බවය. ඔවුන් සමහරෙකුගේ පසුකාලීන භාවිතයන් පිළිබඳ අපට විවේචන ඇතුවා මෙන්ම අපගේ භාවිතයන් පිළිබඳ ඔවුන්ටද විවේචන තිබිය හැකිය.

අන්තරේ කැඳවුම්කරු අන්තරේ මෙහෙයවන ආකාරය අනුව රටේ පාලකයින්ගේ අසමජ්ජාති දිශානතිය වෙනස් කිරීමට හේතු වූ අවස්ථා බෙහෙවි. ඒ රටේ යහපත වෙනුවෙනි. සමාජයේ යහපත වෙනුවෙනි. ජනතාවගේ යහපත වෙනුවෙනි. අතළොස්සක් වන අදේශපාලනික විවේචකයින් හැරුණු කොට පොදුවේ රටේ ජනතාව අන්තරේට ආශීර්වාද කරන්නේ එහෙයිනි. එසේ නොවන්නට අන්තරේට පැවැත්මක් නැති වනු ඇත.

මා මෑතදී දුටු ජවාධිකම අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය. රටේ ඉතා දුෂ්කර අවස්ථාවකදී ඔහුගේ මැදිහත්වීම ඓතිහාසිකය. ඒ කැපවීම හා අප්‍රතිහත ධ්‍යෛර්යය ආදර්ශවත්ය. අන්තරේ කැඳවුම්කරු යන පට්ටන්තරයෙන් පිදූ නායකත්වයෙන් නික්ම යන වසන්තට ආචාර කරමි.
වසන්තගෙන් බැටනය අතට ගන්නා පේරාදෙනියේ මධුෂාන් චන්ද්‍රජිත් සිසුවාට ශක්තිය හා ධෛර්යය පතමි. දිනෙන් දින ජන දිවිය දුෂ්කර වෙද්දී, මේ රට විනාශ කරන්නට පෙළගැසෙන දේසපාලුවන්ගේ අමන තීන්දු වලට එරෙහි වන්නට, එරෙහි වෙමින් අන්තරේ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් පෙරගමන්කරුවන් වන්නට ඇවැසි ආශිර්වාදය පිරි නමමි.


Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?