Latestදේශීය

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්ෂ – විමල් වීරවංශ

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහුට ඇමෙරිකාවේ ඇති දේපළ නිසි තක්සේරුවක් කර ගණනය කිරීමක් සිදු කළොත් ඒ බව සොයා ගත හැකි වනු ඇති බවද හෙතෙම කියා සිටී.

ධම්මික පෙරේරා මහතාට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අය ගන්නට ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ධම්මික පෙරේරා මහතාට අවශ්‍ය නම් මුදල් ලබා දීමට හැකියාව බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවයි.

එසේ නැතිව කිසිවෙකුගෙන් මුදල් ඉල්ලාගැනීමට තරම් අහේනියක් බැසිල් රාජපක්ෂ මහතාට ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා පරම්පරා හතකට අවශ්‍ය ධනය එකතු කරගෙන ඇති බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා එසේ නොවන බවද නාමල් රාජපක්ෂ මහතා ගැන තමන් කියන්නට දන්නේ නැති බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *