Latestදේශීය

Income TAX එකෙන් වගේ හොරු සල්ලි එකතු කරනවා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස වෙස්වළා ගත් පුද්ගලයන් පිරිසක් ඇතැම් ප්‍රදේශවලට ගොස් ආදායම් බදු අය කර ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සමන් ශාන්ත මහතා පැවැසීය.

දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිසිදු නිලධාරියෙක් එලෙස ආදායම් බදු එකතු කිරීමේ ක්‍රියාවක් නොකරන බව ජනතාවට දැනුම් දෙන බවත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් පැමිණෙන කිසිදු පුද්ගලයකුට මුදල් ලබා නොදිය යුතු බවත් හෙතෙම කීවේය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (26) කියා සිටියේය. දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැමිණෙන්නේ නම් විශේෂ අවසරයක් ඇතිව පැමිණෙන අතර, දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස අනන්‍යතාව තහවුරු කරගෙන කටයුතු කිරීමට ජනතාව වග බලා ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස වෙස්වළා ගෙන ආදායම් බදු එක් කළ පුද්ගලයන් කිහිපදෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඇතැම් අවස්ථාවක දී දෙපාර්තමේන්තුවෙන් පිටතට ගොස් සිදු කරනුයේ අදාළ ආයතනවලට බදු ගෙවීම් සඳහා උපදෙස් ලබාදීම පමණක් බව ද ඒ මහතා පැවසුවේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *